Gossip News Politic News

ආණමඩුව විද්‍යාලයේ අමුතු තාලයේ මුදල් ගැරිල්ලක්.අධ්‍යාපන ඇමතිගෙ කයිවාරුව පුස්සක්

පහසුකම් ගාස්තු හැර වෙනත් හේතු සඳහා පාසැල් වල මුදල් එකතුකිරීම තහනම් බවට අධ්‍යාපන ඇමතිවරයා පැවසුවද එම නීතියට පිටින් යමින් මේ වනවිට ආණමඩුව කන්නන්ගර විද්‍යාලයේ අමුතු තාලයේ මුදල් ගැරිල්ලක් පිළිබඳ තොරතුරු වාර්ථා වේ.

පාසැලට අලුතින් ගොඩනැගිල්ලක් සැඳීමට යැයි පවසා එක ශිෂ්‍යයෙක්ගෙන් රුපියල් දහස බැඟින් එකතු කිරීමට ආණමඩුව කන්නන්ගර විද්‍යාලයේ විදුහල්පතිවරයා නියෝග කර ඇති අතර ඒ අනුව පාසැලට එක් පවුලකින් දරුවන් තිදෙනෙකු පැමිණියහොත් රුපියල් 3000ක මුදලක් ගෙවිය යුතු බවද අදාල විදුහල්පතිවරයා විද්‍යාලයේ ශිෂ්‍යයන්ගේ දෙමවුපියන්ට දන්වා ඇත.

එම මුදල දින 3ක් ඇතුලත පාසැල් සංවර්ධන අරමුදලට බැරකර යුතු බවද මෙහිදී පවසා ඇත.

ආණමඩුව කන්නන්ගර විද්‍යාලයේ ඉගැනුම ලබන බොහෝ සිසු සිසුවියන්ගේ දෙමාපියන් ඉතා දුෂ්කර ජීවිතයක් ගතකිරීම හේතුවෙන් මෙවැනි මුදලක් ගෙවීමට නොහැකි බව හැඩූ කඳුලින් දන්වා ඇති නමුත් අදාල පාසලේ විදුහල්පතිවරයා ප්‍රකාශ කර ඇත්තේ එම මුදල ගෙවීමට නොහැකිනම් තම දරුවා පාසලින් අස්කරගන යන ලෙසයි.

පාසැල් වලට අලුතින් ගොඩනැගිලි ඉදිකිරීම රජය සතු වගකීමක් වන අතර එම මුදල් රජයෙන් සපයන්නේද රටේ සියලු ජනතාවගෙන් එක්කරගන්න බඳු මුදල් වලිනි.

ආණමඩුව කන්නන්ගර විද්‍යාලයේ විදුහල්පතිවරයාට මීට පෙරද චෝදනා රාශියක් එල්ල වූ නමුද ඒ සඳහා කිසිදු පියවරක් වයඹ පළාත් අධ්‍යාපන ඇමතිවරයා මේ දක්වා ගෙන නොමැත.

එම පාසැලේ විදුහල්පතිවරායට පසුගියදා එල්ල වූ ප්‍රධානම චෝදනාව වන්නේ පාසලේ ශිෂ්‍යාවන් තිදෙනෙකු ගැබ්ගෙන ඇති බව පවසා බලන්ම විද්‍යාලයෙන් ඉවත්කර දැමීමයි.එහෙත් එවැනි ගැබ් ගැනීමක් එම ශිෂ්‍යාවන්ගේ වෛද්‍ය පරීක්ෂණය තුළින් වාර්ථා වී නැත.පාසලෙන් ඉවත්කර දැමූ එම ශිෂ්‍යාවන්ගේ දෙමව්පියන් ඉතා ග්‍රාමිය මට්ටමේ අහිංසක පිරිසක් වීම හේතුවෙන් ඔවුන් මේ සම්බන්ධව පුත්තලම කලාප අධ්‍යාපන කාර්‍යාලයට හෝ පැමිණිලි කිරීමට ගොස් නැත.

එමෙන්ම මෙම විදුහල්පතිවරයාගෙ අත්තනෝමතික පාලනය හේතුවෙන් බොහෝ දෙමාපියන් තම දරුවන් එම විද්‍යාලයෙන් ඉවත්කර ආණමඩුව අවට ඇති වෙනත් පාසැල්වලට යොමුකරමින් සිටින බවද වාර්ථා වේ.

දිගින් දිගටම දරුවන් පාසලින් අස්වීම හේතුවෙන් මේ වනවිට පුත්තලම අධ්‍යාපන කලාපය මැදිහත්වී එම පාසැලේ ශිෂ්‍යන්ට අස්වීම් සහතිකය ලබාදීම තාවකාලිකව නතර කර ඇත.

මම විදුහල්පතිවරයා සම්බන්ධයෙන් ඉදිරියේදී තීරණයක් ගන්නා බව පුත්තලම අධ්‍යාපන කළාප කාර්‍යාලයේ නිළධාරියෙකු අප සමඟ ප්‍රකාශ කළ නමුත් මේ දක්වා එවැනි තීරණයක් ගැනීමට අධ්‍යාපන බලධාරීන් අපොහොසත්ව ඇත.

මීට වසර කිහිපයකට පෙර මෙම විදුහල්පතිවරයාගෙ වැඩ තහනම් වූ අතර ඊට හේතුවී ඇත්තේ ගුරුවරියකට පහරදීමයි.කෙසේවෙතත් දේශපාලන හෙංචයියන්ට පිංසිද්ධ වන්නට නැවත මෙම විදුහල්පතිවරයා තම රැකියාව ආරක්ශා කරගැනීමට සමත්ව ඇත.

ඇතැම් දිනවල මෙම විදුහල්පතිවරයා ආණමඩුව හිටපු සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රියංකර ජයරත්න මහතාගේ කාර්‍යාලයේ හා වයඹ පළාත් හිටපු අධ්‍යාපන ඇමති සන්ධ්‍යා රාජපක්ශ මහතාගේ කාර්‍යාලයේ සිටින ආකාරය දැකගත හැකි බව අප ප්‍රාදේශීය වාර්ථාකරු පැවසුවේය.

Related Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *