Sport News

මහේල 1ට එද්දි තිසර බංග්ලාදේශය මවිත කරවයි

බංග්ලාදේශ් ප්‍රිමියර් ලීග් තරඟාවලියේ තවත් තරඟයක් අද රාන්ග්පූර් රයිඩර්ස් කණ්ඩායම හා චිටගන්ස් විකින්ස් කණ්ඩායම අතර අද පැවත්වුනා.

රාන්ග්පූර් රයිඩර්ස් කණ්ඩායම වෙනුවෙන් ශ්‍රීලංකාවේ තිසර පෙරේරා හා ලසිත් මාලිංග ක්‍රීඩා කරන අතර චිටගන්ස් කණ්ඩායන මෙහෙයවන්නේ බංග්ලාදේශ් පන්දු යවන ටස්කින් අහමඩ් විසින්.

ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් චිටගන්ස් කණ්ඩායම පන්දුවාර 20 තුළදී කඩුළු 7කට ලකුණු 176ක් ලබාගන්නවා.තිසර පෙරේර ලකුණු 35කට එක කඩුල්ලයි.

ලකුණු 177ක ඉලක්කයක් හබා යන රාන්ග්පූර් කණ්ඩායම අවසන් පන්දුවේදී එම ඉලක්කය සපුරා ගන්නවා.

මෙහිදී අවසන් පන්දු 2ට ලකුණු 6ක් අවශ්‍යව තිබෙන අතර පස්වන පන්දුවට ලකුණු 2කුත් අවසන් පන්දුවට දැවැන්ත 6 පහරකුත් එල්ල කරමින් තරඟයේ ජයග්‍රහණයේ මාවත කරා ගෙනයන්නේ ශ්‍රීලංකාවේ තිසර පෙරේරයි.

මේ වනවිට බංග්ලාදේශ් ප්‍රිමියර් ලීග් තරඟාවලියේ ඉදිරියෙන්ම මහේල ජයවර්ධන පුහුණුකාරිත්වය දරණ කුල්නා ටයිටන්ස් කණ්ඩායම සිටිනවා.

ඒ ප්‍රසාද ලකුණු 11ක් ලබාගනිමින්.දෙවන ස්ථානය කුමිලා වික්ටෝරියන්ස් කණ්ඩායමත් තුන්වන ස්ථානයේ ඩකා ඩයිනමයිට් කණ්ඩායමත් සිව් වන ස්ථානයේ රාන්ග්පූර් රයිඩර්ස් කණ්ඩායමත් සිටිනවා.

අවසන් තරඟය දෙසැම්බර් 12 පැවැත්වීමට නියමිතයි.

 

Related Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *