Sport News

මාලිංගගෙන් ඉන්දියාවට උත්තරයක්.මාලිංග තිසර බංග්ලාදේශය හොල්ලයි

බංග්ලාදේශ් ප්‍රීමියර් ලීග් තරඟාවලියේ තවත් තරඟයක් අද පැවත්වූවා.ඒ රාන්ග්පූර් රයිඩර්ස් කණ්ඩායම හා ඩකා ඩයිනමයිට් කණ්ඩායමයි.

රාන්ග්පූර් රයිඩර්ස් කණ්ඩායම නියෝජනය කරමින් ප්‍රභල ක්‍රීඩක ලසිත් මාලිංග හා තිසර පෙරේරා ඇතුලත් වූවා.ඩකා ඩයිනමයිට් කණ්ඩායම වෙනුවෙන් ශ්‍රීලංකා හිටපු ක්‍රීඩක කුමාර් සංගක්කාර නියෝජනය කරනවා.

අද පැවති තරඟයෙන් ප්‍රථමෙයෙන් පන්දුවට පහරදුන් රාන්ග්පූර් රයිඩර්ස් කණ්ඩායම පන්දුවාර 19.5 අවසානයේ සියල්ලන් දැවී ලකුණු 142ක් ලබාගත්තා.රාන්ග්පූර් රයිඩර්ස් කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලබාගත්තේ ක්‍රිස් ගේල්.ඒ ලකුණු 51ක්.

ඩකා ඩයිනමයිට් කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ නායක ශකීබ් අල් හසන් ලකුණු 16ට කඩුලු 5ක් දවාගත්තා.

පිළිතුරු ඉණිම ක්‍රීඩාකල ඩකා ඩයිනමයිට් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ ලබාගත හැකි වූයේ ලකුණු 139ක් පමණි.

මෙහිදී විශේෂත්වය වූයේ අවසාන පන්දුවාර 2ම යැව්වේ ශ්‍රීලංකික ක්‍රීඩකයන් දෙපළ වීමයි.පන්දුවාර 2 තුළ ලකුණු 13ක් පමණක් අවශ්‍ය වූ අතර 19 වන පන්දුවාරය යැවූ ලසිත් මාලිංග එම පන්දුවාරය ලකුණු 3කට සීමාකලේ එක් කඩුල්ලකුත් ලබාගනිමින්.

අවසන් පන්දුවාරයට ලකුණු 10ක් පමණක් ලබාගත යුතුව තිබුනම් තිසර පෙරේරා එම කඩඉම සපුරා ගැනීමට ඩකා ඩයිනමයිට් කණ්ඩායමට ඉඩ ලබාදුන්නෙ නෑ.

ඒ අනුව ලකුණු 3ක විශිෂ්ඨ ජයක් ලබාගැනීමට රාන්ග්පූර් රයිඩර්ස් කණ්ඩායම සමත්වුනා.

රාන්ග්පූර් කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ ශ්‍රීලාංකික ක්‍රීඩක ලසිත් මාලිංග ඉන්දියාවේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමෙන් නිදහස් කිරීමටද ඊයේ තීරණය කරා.ඒ ඔහු දක්වා තිබූ අඩු දක්ශතා හේතුවෙන්.එහෙත් නැවතත් ඔහු තමන්ගේ සුපුරුදු දක්ශතා අතරට පැමිනෙමින් තිබෙන බව අද තරඟයෙන් පසුව දැකගැනීමට හැකි වූ බව ක්‍රීඩක විචාරකයන් පැවසුවා.

කණ්ඩායම් 7ක් තරඟ වදින බංග්ලාදේශ් ප්‍රිමියර් ලීග් තරඟාවලියේ කොමිලා වික්ටෝරියන්ස් කණ්ඩායම මේ වනවිට ඉදිරියෙන් සිටී.ඒ තරඟ 6න් තරඟ 5ක් ජයග්‍රහණය කර ප්‍රසාද ලකුණු 10ක් ලබා ගනිමින්.

දෙවන ස්ථානයට ශ්‍රීලංකාවේ කුමාර් සංගක්කාර නියෝජනය කරන ඩකා ඩයිනමයිට් කණ්ඩායම පත්ව සිටියි.ඔවුන් මුහුණ දුන් තරග 7න් තරඟ 4ක් ජයග්‍රහණය කර ඇති අතර එක් තරඟයක් වර්ශාව හේතුවෙන් අතහැර දමා ඇත.ඔවුන් ප්‍රසාද ලකුණු 9ක් ලබාගන ඇත.

තෙවන ස්ථානයේ ශ්‍රීලංකාවේ මහේල ජයවර්ධන පුහුණුකාරිත්වය දරණ කුල්නා ටයිටන්ස් කණ්ඩායම සිටින අතර ඔවුන් ලබාගන ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාවද 9කි.එහෙත් ලකුණු ලබාගැනීමේ වේගය අනුව තෙවන ස්ථානයේ පසුවේ.

මුල් තරඟ 3ම ජයග්‍රහණය කලත් මේ වනවිට ශ්‍රීලංකවේ උපුල් තරංග හා ධනුශ්ක ගුණතිලක ක්‍රීඩාකරන සිල්හිට් සික්සස් කණ්ඩායම මේ වනවිට යම් පසුබෑමක පසුවේ.

එහෙත් ඔවුන් ප්‍රසාද ලකුණු 7ක් ලබාගන තවමත් සිවුවන ස්ථානයේ පසුවේ

Related Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *