Health

කෙට්ටු වෙන්න ඩයට් කරනවද එහෙනම් මේ කෑම කන්නම එපා

ගැහැනු ලමයෙක් මල්වර වෙන්නත් කලින් ඉදන්ම රූපය හැඩය පෙනුම ගැන හිතන සමාජයක් තමයි දැන් නම් තියෙන්නේ.ලොකු ලමයෙක් වුනාම මේ තත්වය වැඩි වෙනවා.සුදු වෙන හැටි ලස්සන වෙන හැටි හැඩ වෙන හැටි ලස්සනට හැඩට අදින හැටි මහත අඩු කරල කෙට්ටුත් නැති ශේප් ඇගක් හද ගන්න හැටි ආදී වශයෙන් දැන් ලමයි ලොකු අවදධානයක් යොමු කරල තියෙනවා.ඒ නිසාමද කොහෙදා රෑපලාවණ්‍ය ප්‍රශ්න වගේම ඒවාට තියෙන විසදුම් පවා වැඩි වෙලා තියෙනවා.
මෙහිදී ලොකුම අවදානය යොමු වෙන්නෙ සිරුරේ හැඩයටයි.මහත් වෙන්න නම් ගැහැනු ලමයි කැමතිම නෑ.බඩ ටිකක් නෙරා අාවත් සැරෙන් සැරේ කන්නාඩිය ඉස්සරහට ගිහින් ටයර් පැනලා වගේද කියලා හොදට බලනවා.ඊට පස්සෙ ඉතින් අැදුමක් අැන්දත් හිතට හරි නෑ.ඔන්න ඉතින් රෑට කන එකත් නතර කරනවා.හැබැයි ඉතින් ඒ හිතුමතේට කරන දෙයක් මිසක් අවබෝධයකින් කරන දෙයක් නෙවේ.ඩයට් කරනවා කියලා ඔන්න ඉතින් රෑට කන්නෙත් නෑ වගේම උදේට දවල්ට කන්නෙත් නෑ.ඊට පස්සෙ ඉතින් සිද්ද වෙන්නෙ ශරීරයට අවශ්‍ය නිසි පෝශනය නැති වෙලා ගිහින් ශර්‍රිරය දුර්වල වෙන එක.ඊට පස්සෙ එක එක ලෙඩ.

ඒ විතරක් නෙවෙයි.කෙට්ටු වෙන්න බර අඩු කරගන්න කියල ආහාර පාලනය කරන අය නොදන්න දෙයක් තියෙනව..දැන ගත්තත් ඒ ගැන සැලකිල්ලෙන් හිතන්නෙ නෑ.ඒ තමයි නිවැරදි උපදෙස් නැතිව හිතු මනාපයට ආහාර පාලනය කරද්දි සිරුරට අවශ්පෝ‍ය පෝශනය නොලැබීමත් සමගම වයසට යෑම ඉක්මන් වෙනවා.සමේ පෝශනය අඩු වෙලා සම රැලි වැටෙනවා.සිරුරේ නැවුම් ගතිය නැති වෙනවා.වයසට වැඩිය වැඩි පෙනුමක් වහැරුනු පෙනුමක් ඇති වෙන්න පටන් ගන්නවා.සිරුරේ සෛල වලට පටක වලට අවශ්‍ය පෝශනය නැතිව ඒවා දුර්වල වීම නිසා තමයි මේ විදියට අහිතකර විදියට බලපාන්නේ. ඉතින් ඒ නිසා හිතු මතේ ඩයට් කරනවා නම් අදම ඒ වැඩේ නතර කරන්න.හොද ඩයටීශියන් කෙනෙක් මුන ගැහිලා ඔබේ ශරීරයේ තත්වය අනූව ආහාර පාලනය පටන් ගන්න.ඩයටීශියන් කෙනෙක් හොයා ගන්න අපහසු නම් ඔබ නිතර බෙහෙත් ගන්න ඩොක්ටර් ලගට හරි ගිහින් මේ ගැන කතා කරන්න.එවිට ඔහු අවශ්‍ය උපදෙස් දෙයි.

එතකොට කන්න ඕනි මොනවද කන්න හොද නැත්තෙ මොනවද පෝශනය රැකගෙන කෑම පාලනය කරන්නෙ කොහොමද ආදී වශයෙන් උපදෙස් ලබා ගන්න පුලුවන්.එතකොට තමයි ආහාර පාලනය කිරීමේ නියම ප්‍රතිපල ලැබෙන්නේ.නැත්නම්.අන්තිමට බර අඩු වුනත් ඇග දුර්වල වෙලා ලෙඩ වෙනවයි වයසට වඩා වයස පේන්න පටන් ගන්නවයි.කොහොමත් ආහාර පාලය කරන කෙනෙක්ට හුගක් උපදෙස් අවශ්‍යයයි.කොච්චර ආහාර පාලනය කලත් ඒක හරි අමාරු වැඩක්.මොකද ආසා දෙයක් දැක්ක ගමන් ඔක්කොම අමතක වෙලා ඒක කන්න හිතෙනවනේ.ඒ නිසා කන්න හොද නැති කෑම අකැමත්තෙන් හරි කන එක නතර කරන්න ඕනී.ඒ සදහා ඔබට වැදගත් වෙන උපදෙස් කිහිපයක් අපිත් අරන් ආවා.

ඔන්න මුලින්ම සීනි දලා තේ බොන එක නතර කරන්න ඕනී.අපේ කට්ටිය පැනි රහ නම් කන්නෙ නෑ කිය කිය හොදට සීනි දාල තේ බීලා තමයි දවස පටන් ගන්නේ.ඊට පස්සෙ ඉතින් උදේ 10 වෙද්දිත් තේ කහට බොනවා සීනි නොදා.හැබැයි අල්ලට සීනි ටිකක් දා ගන්නව.ඒත් කියන්නෙ නම් සීනි දාල තේ බොන්නෙ නෑ කියලයි.ඒ උනාට අල්ලට සීනි දාල තේ එක බොනවා.අමතක කරන්න එපා ඒ විදියට ඔබ රවට්ට ගන්නෙ ඔබවමයි.

සකස් කල කෑම ජාති කන්නම එපා.මොනවද මේ සකස් කල කෑම.සකස් කල කෑම කන්න එපා කිව්වට ගොඩක් අය දන්නෙ නෑ මොනවද සකස් කල කෑම කියලා.සොසේජස් මීට් බෝල්ස් වගේ ඒවා තමයි සකස් කල කෑම කියන්නේ.මේවා නිෂ්පාදනයේදී එකතු කරන රසායනික ද්‍රව්‍ය ශරීර ගත වුනාම අපේ සිරුරේ හෝමෝන අසමතුලිත වීම සිදු වෙනවා.එවිට ශරීරය තුල සිදු වෙන දේ ආහාර පාලනයෙන් වලක්වා ගන්න බෑ.

පිටි කෑම නම් කන්න හොදම නෑ කියලා ආහාර පාලනය කරන අය හොදට දන්නවා.ඒත් ඉතින් පිටි කෑම නොකා ඉන්නවද කියන එක නම් ප්‍රශ්නයක්.හවසට චූන් පාන් යන සද්දේ ඇහෙද්දි ආහාර පාලනය කරනව කියල මතකවත් නැති වෙනවනේ.පොඩි කෑල්ලයි කන්නෙ කියල ඔන්න පාන් පෙත්තක් හරි කනවා.එ කන්නෙත් මාගරින් ජෑම් වගෙ දෙයක් එක්කනෙ.එතකොට අහිතකර බව වැඩි වෙනවා.සමහරු කියන්නෙ ඔන්න ඔහේ අදට විතරක් පාන් කනවා.එක දවසක් කෑවම මහ ලොකු දෙයක් වෙන්නෙ නෑ කියලයි.ඔය විදිහට බලද්දි දන්නෙ නැතිව ආහාර පාලනය කරන කෙනා හොදටම පාන් කාලා.ඉතින් කොහොමද කෙට්ටු වෙන්නෙ.

ෆෘට් ජූස් එකක් කියන්නෙ කවුරුත් ආසාවෙන් බොන දෙයක්.ඩයට් කරන අය හීනෙන්වත් හිතන්නෙ නැතිව ඇති එයාලට ෆෘට් ජූස් බොන්න හොද නෑ කියලා.සාමාන්‍යයෙන් අපිට පුරුදු ජූස් බාර් එකකින් ජූස් එකක් බොන එක මිසක් ගෙදර හදල ජූස් බොන එක නෙවේනේ.ගෙදර හැදුවොත් නම් ඉතින් සීනි අඩුවෙන් ශරීරයට සුදුසු විදියට හදා ගන්න අපි දන්නවා.එ්ත් සල්ලි දීලා ගන්න තියෙන තැන් වලින් අපිට එහෙම බලාපොරොත්තු වෙන්න බෑ.සීනි හොදට දාලා තමයි මේගොල්ලො මේවා හදන්නෙ.මොකද ඉතින් බිස්නස් එක හොදට කරන්න නම් ජූස් එක රහට තියෙන්න ඔ්නීනේ.සීනි වල අඩංගු ෆෘක්ටෝස් අක්මාවේ තැන්පත් වුනාම ඒවා මේදය බවට පත් වෙනවා.ඒ තමටි සාමාන්‍ය ක්‍රියාවලිය.මේ විදියට නිතරම ෆෘට් ජූස් බොන කෙනෙක්ට මේ විදියට තමයි අනවශ්‍ය මේදය තැන්පත් වීමක් වෙන්නෙ.නොදැනුවත්කම නිසා සිදු වන මේ දේ නිසා ඩයට් කරන එකේ ප්‍රතිඵල නැති කරවනවා.

ඩයට් කරනවා නම් මාගරින් කන්න හොදත් නෑ.මොකද මාගරින් වල තියෙන්නෙ සිරුරට අහිතකර මේදය.ඒ වෙනුවට බටර් කන්න පුලුවන්.ගිතෙල් කියන්නෙත් හිතර දෙයක්.ඒ නිසා මාගරින් කන්නෙ නැතුව බටර් සහ ගිතෙල් ආහාරයට ගන්න පුලුවන් .දැන් ඉතින් බටර් කන්න හොදයි කිව්වම බටර් ගාලා පාන් කාලා නම් ප්‍රතිපල ගන්න බෑ කියල ආපහු කියන්න ඕනී නෑ නේද.බටර් කන්න ඕනිම නම් තෙල් දාල හදන කෑම වලට අහිතකර තෙල් යොදා කන්නෙ නැතිව බටර් ටිකක් ගිතෙල් ටිකක් දාල කන්න.

ඔන්න එහෙනම් දැන් කියන්න හදන්නේ ආහාර පාලනය කරන කෙනෙක් කන්න හොද නැතිම කෑම ලිස්ට් එකක්.බලන්න මේවායින් කීයක් නම් ඔයත් කනවද කියල.මිල්ක් චොකලට්,පොටෑටෝ චිප්ස්,පීසා,ඩෝනට්,අතුරුපස වර්ග,පුඩින්,වටලප්පන්,අයිස් ක්‍රීම්,බිස්කට්,ටොෆී,ජුජුබ්ස්,පැස්ටා,ජෑම්,රස කරපු යෝගට්,රසකරපු කිරි,බේකරි කෑම,ටිපි ටිප්ස් වර්ග,කෙටි කෑම මේ ආදී වශයෙන් අපි එදිනෙදා ආහාරයට ගන්න බොහෝ කෑම වර්ග වලින් ඈත් වෙන්න අපිට සිදු වෙනවා.නැත්නම් හරියට ඩයට් කරන්න බැරි වෙනවා.බත් කන ප්‍රමානය අඩු කරනවා කියන්නෙ රෑට නොකා ඉන්නවා කියන්නේ වැඩිපුර බඩගින්නෙ ඉන්නවා කියන්නේ ඩයට් කරනවා කියන එක නෙවෙයි කියලා නම් මතක තියා ගන්නම ඕනී.වැදගත්ම දේ තමයී අපි මේ කිව්ව අහිතකර ආහාර වලින් වැලකීම .මේ විදිහට සැලකිලිමත් වෙන ගමන් ඩයටීශියන් කෙනෙක්ගෙනුත් උපදෙස් අරන් හරියට ඩයට් කලොත් නම් ඔන්න ඇත්තටම ලස්සනට ඉන්න පුලුවන්.

Related Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *