බුකියේ වයසට ගිය අයට වෙච්ච දේ …

මේ දිනවල ෆේස්බුක් සමාජ ජාල අඩවියේ හැමෝම වයසට ගිහින්. ඒ ඉතින් වෙන කිසිවක් නිසා නොවේ ෆේස් ඇප් නමැති යෙදුමෙන් ඔබේ ජායාරුපයකට වයසක පෙනුමක් ලබා ගත හැකි නිසයි.නමුත් මේ යෙදුම නිසා තමන්ගේ දත්ත ,පෞද්ගලිකත්වය යම් ප්‍රශ්නයක් මතුව ඇති බවට ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පවසයි.පහතින් ඒ පිලිබදව නිකුත් කල නිවේදනයයි

මෑතකදී සමාජ මාධ්‍ය අඩවි වල #AgeChallenge (#FaceAppChallenge) ලැව්ගින්නක් සේ පැතිර යන අතර, සෑම කෙනෙකුම එය රැල්ලකට සිදුකරමින් සිටියි. මෙම යෙදුම හට ජනප්‍රියතාවය හදිසියේ වැඩිවීමත් සමඟ එම යෙදුම භාවිතා කරන පරිශීලකයන්ගේ දත්ත ආරක්ෂා කරමින් පරිශීලකයන්ගේ පෞද්ගලිකත්වය රැකගැනීමට යෙදුම නිර්මාණය කරන ලද පිරිස් කටයුතු කරන්නේද යන්න පිළිබඳ නව ප්‍රශ්න මතු වී ඇත.

විශේෂයෙන්ම ඔබගේ ජංගම දුරකතනයේ ඇති සියලුම ඡායාරූප එම යෙදුම නිර්මාණය කල පුද්ගලයන් වෙත උඩුගත කරන්නේද යන්න පිලිබදව විශාල ගැටලුවක් පැනනැගී ඇත. මෙම යෙදුම පිලිබදව ප්‍රශ්න සියල්ලම ආරම්භ වී ඇත්තේ මෙම යෙදුම නිර්මාණය කිරීමට කටයුතු කල පුද්ගලයෙක් මෙම යෙදුම භාවිතා නොකරන ලෙස ට්විටර් පණිවිඩයක් හරහා ට්විටර් පරිශීලකයින්ට අවවාද කළේය අවස්ථාවේදී වේ.

මෙම යෙදුම නිර්මාණය කල පිරිස් පෞද්ගලික ප්‍රතිපත්ති මාලාවන් හිදී එම යෙදුම භාවිතා කරන පරිශීලකයන් විසින් ඔවුන්වෙත උඩුගත කරන ලද ඡායාරූප කොපමණ කාලයක් රඳවාගෙන සිටිනවාද යන්න පිලිබදව සටහන් කිරීමට අපොහොසත් වී ඇත. තවද මෙම යෙදුම ස්ථාපනය කර ඇති ජංගම දුරකනයේ පවතින ඡායාරූප වලට පරිශිකයාගේ අනුදැනුමකින් තොරව පිවිසීමට හැකියාවක් ඇතැයි නවතම සොයාගැනීම් වලින් හෙළිවී ඇත. මේ නිසා ඔබගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරගැනීමට මෙවැනි යෙදුම් රැල්ලට භාචිතා නොකරන මෙන් අප තොරතුරු තාක්ෂණ සංගමය ජනතාවගෙන් ඉල්ලා සිටිමු.

රජීව් යසිරු කුරුවිටගේ මැතිව්
සභාපති
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය