Politic News

එජාප කොන්ත්‍රාත් ඉටුකරන්න මලික්ගෙන් කෝටි 10ක් දුමින්දට

ශ්‍රීලංකා නිදහස් පක්ෂය හා ඒකාබද්ධ විපක්ෂය එක් කර එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් බිහිකිරීමට සියලු සාකච්ජා සිදුව ඇතත් එය සිදුකිරීමට ප්‍රධානම බාධකය වී ඇත්තේ ශ්‍රීලංකා නිදහස් පක්ෂ මහලේකම් දුමින්ද දිසානායක බව වාර්ථා වේ.

එජාප සභාපති මලික් සමරවික්‍රම මහතා හරහා අත යටින් කෝටි 10කට වඩා මුදල් ප්‍රමාණයක් මේ දින කිහිපය තුළදී පමණක් දුමින්ද දිසානයක වෙත ලබාදී ඇති බවත් ඔහු හරහා ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ සමඟිය බිඳ වැට්ටවීමට එක්සත් ජාතික පක්ෂය කටයුතු කරන දැනගන්නට ඇත.

පසුගිය දින කිහිපය තුළදී එක්සත් ජාතික පක්ෂය මෙන්ම ශ්‍රීලංකා නිදහස් පක්ෂයද බහුතර බලය පෙන්වා තනි ආණ්ඩුවක් නිර්මාණය කර ගැනීමට සැලසුම් සකස්කර තිබුණි.

එහෙත් එජාප නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ ප්‍රකාශයක් නිකුත් කරමින් පැවසූවේ ඉදිරියටත් ජාතික ආණ්ඩුව පවතින බවත් තමන් තවදුරටත් අග්‍රාමාත්‍යධූරයේ කටයුතු කරන බවත්ය.

මේ අතර අද දිනයේද ශ්‍රීලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු රැස්ව නව ආණ්ඩුවක් නිර්මාණය කර අග්‍රාමාත්‍යධූරය තම පක්ෂයට ලබාගැනීම සඳහා සාකච්ජා වට කිහිපයක් පවත්වා තිබේ.

කෙසේවෙතත් ශ්‍රීලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගෙන් 98%ක්ම නව ආණ්ඩුවක් නිර්මාණය කර ගැනීමට සටන් වදින නමුත් ඊට ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දුමින්ද දිසානායක දැඩි ලෙස විරුද්ධ වී ඇත.

දුමින්ද දිසානායක දිගින් දිගටම ජනාධිපතිවරයාට පවසා ඇත්තේ එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් සෑදීමට ජනාධිපතිවරයා ක්‍රියා කළහොත් තමන් ඇතුළු කිහිප දෙනෙක් එක්සත් ජාතික පක්ෂයට සහයෝගය දැක්වීමට කටයුතු කරන බවයි.

මලික් සමරවික්‍රම මහතාගේ මුදලට ගිජුවී එක්සත් ජාතික පක්ෂයේ කොන්ත්‍රාත් ඉටුකිරීමට දුමින්ද දිසානායක ක්‍රියාකිරීම හේතුවෙන් ශ්‍රීලංකා නිදහස් පක්ෂය තවදුරටත් විනාශ වී යන බවත් වහාම මෙම තත්ත්වය නවත්වා එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් නිර්මාණය කිරීමට කටයුතු කරන ලෙසත් ශ්‍රීලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු ජනාධිපතිවරයාට පෙන්වා දී ඇත.

පසුගිය වසර 3 තුළදී පමණක් රුපියල් කෝටි 500කට වඩා වැඩි ප්‍රමාණයක් දේශපාලන ඩීල් වලින් දුමින්ද දිසානායක උපයා ඇති බව ප්‍රකට කතාවකි.

Related Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *