Local News

වෙන්නප්පුවෙ පොහොට්ටු අපේක්ෂකයා හොරෙන් ගස් කපලා මාට්ටු

වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවට කිරිමැටියාන කොට්ඨාශයෙන් තරඟ වදින ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ අපේක්ශකයෙකු අද හලාවත වන සංරක්ශණ දෙපාර්ථමේන්තුවේ නිළධාරීන් විසින් අද අත්අඩංගුවට ගනු ලැබුවා.
ඒ අනවසරයෙන් දැව කපා සන්තකයේ තබා ගැනීම හේතුවෙන්.
වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවට කිරිමැටියාන කොට්ඨාශයෙන් ශ්‍රීලංකා පොදුජන පෙරමුණින් තරඟවදින නිලංක සඳකැල් නැමැත්තා මෙලෙස අත්අඩංගුවට පත්ව තිබේ.
අත් අඩංගුවට පත්වූ තැනැත්තාට මීට පෙරද මෙවැනි චෝදනා කිහිපයක් ඇති බව සඳහන්.
මොහු හෙට දිනයේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වන සංරක්ශණ දෙපාර්ථමේන්තුවේ නිළධාරීන් ප්‍රකාශ කළා.

Related Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *