Uncategorized

මාලිංගගෙ ගෝලයා ලෝකෙන්ම අංක 1 වෙයි

මාලිංගගේ අනුප්‍රාප්තිකයා ලෝකයේ අංක 1 වෙයි.ඉන්දීය සුපිරි වේගපන්දු යවන ජස්ප්‍රිට් බුම්රා ජගත් 20/20 තරඟවල හොඳම පන්දු යවන්නා ලෙස icc වර්ගීකරණයේ ඉදිරියට පැමිණ ඇත.

ඒ මෙතෙක් කලක් එම වර්ගීකරණයේ අංක 1 සිටි පකිස්තානයෙ දඟ පන්දු යවන ඉමාඩ් වසීම් 2 වැනි ස්ථානයට ඇද දමමින්.ජස්ප්‍රිට් බුම්රා ඉන්දීය IPL තරඟාවලියේ ලසිත් මාලිංග නියෝජනය කරන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියෝජනය කරන අතර ඔහු වරක් මාධ්‍ය ඉදිරියේ ප්‍රකාශ කරේ තමන්ගේ ගුරුවරයෙක් ලෙස ලසිත් මාලිංගව හදුන්වන බවයි.

ලසිත් මාලිංගගෙන් බොහෝ දේවල් ඔහු ඉගනගත් බවත් ලසිත් මාලිංග වැනි ප්‍රබලයෙක් වීමට තමාට අවශ්‍ය බවත් ඔහු මාධ්‍ය ඉදිරියේ ප්‍රකාශ කර තිබුනා.

Related Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *