Sport News

පුහුණුකාර ධූරයට පස්කොන් සටනක්

ශ්‍රීලංකා ක්‍රිකට් පුහුණුකාර ධූරයට 5 දෙනෙකු මේ වනවිට නම් ලබාදී ඇති බවට තොරතුරු වාර්ථා වේ.

ඒ අතර ශ්‍රීලංකා කණ්ඩායමේ හිටපු අති දක්ශ පුහුණුකරුවෙකු වන ටොම් මූඩි,ශ්‍රීලංකා කණ්ඩායමේ හිටපු දක්ශ පිතිකරුවෙකු වන මහේල ජයවර්ධන,වත්මන් ශ්‍රීලංකා තාවකාලික පුහුණුකරු නික් පෝතාස්,ඔස්ට්‍රේලියානු හිටපු පුහුණුකරුවෙකු වන ඩීන් ජෝන්ස් සහ නවසීලන්ත හිටපු ප්‍රබලයකු වන ස්ටීෆන් ෆ්ලෙමින් සිටින බවට තොරතුරු වාර්ථා වේ.තවද මෙමෙ කණ්ඩායමට ශ්‍රීලංකා හිටපු පුහුණුකරුවෙකු හා ක්‍රීඩකයකු වන මාවන් අතපත්තුද අයදුම්පත් ලබාදීමට කටයුතු කරනු ඇති බවද දැනගන්නට ඇත.

මේ අතරින් බොහෝදුරට මෙරට හිටපු ක්‍රිකට් පුහුණුකරුවෙකු වන ටොම් මූඩිට හෝ මහේල ජයවර්ධනට පුහුණුකාර ධූරය ලැබීමට බොහෝ සෙයින් ඉඩ ඇතිබව ශ්‍රීලංකා ක්‍රිකට් ආයතනයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

කෙසේවෙතත් මේ සම්බන්ධව අවසන් තීරණයක් ගනු ලබන්නෙ දෙසැම්බර් අවසන් සතියේ බව ශ්‍රීලංකා ක්‍රිකට් ආයතනය පසුගියදා ප්‍රකාශ කලේය.

Related Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *