Uncategorized

ඉන්දීය සංචාරයටත් පරණ කැඳ හැලියමයි

ශ්‍රීලංකා කණ්ඩායමේ දැනට ක්‍රිකට් පුහුණුකාර ධූරයේ වැඩ බලන නික් පෝතාස් ඇතුළු පුහුණුකාර මඩුල්ල ඉදිරි ඉන්දීය ක්‍රිකට් සංචාරයටද නම් කර තිබේ.

එනම් ප්‍රධාන පුහුණුකරු නික් පෝතාස්, පිතිකරණ පුහුණුකරු හශාන් තිලකරත්න හා පන්දු යවන පුහුණුකරු රුමේශ් රත්නායකයි.

නික් පෝතාස් මීට පෙර ශ්‍රීලංකා කණ්ඩායමේ පන්දු රකින පුහුණුකරු වශයෙන් කටයුතු කල අතර එවකට පුහුණුකරු වූ එම තනතුරෙන් ඉවත්වූ පසු තාවකාලිකව ශ්‍රීලංකා ක්‍රිකට් පුහුණුකරු වශයෙන් කටයුතු කලහ.

ඔහු පුහුණුකාර තනතුරෙහි කටයුතු කල කාලයේ ශ්‍රීලංකාව තරඟ 25කට සහභාගී වී ඇති අතර එයින් ජයග්‍රහණය කර ඇත්තේ තරඟ 5ක් පමණි.

ශ්‍රීලංකා කණ්ඩායම පිට පිටම ලබන පරාජ නැවැත්වීමට විසදුම් හොයනවා වෙනුවට පරණ කැඳ හැලියම මෙම සංචාරයටත් යවා තිලංග සුමතිපාල ප්‍රමුඛ ක්‍රිකට් පාලක මණ්ඩලය බලාපොරොත්තු වන්නෙ කුමක්දැයි ක්‍රිකට් විචාරකයන් ප්‍රශ්ණකර සිටියි

Related Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *